සිව්දෙස සුරැකි සිව් වසර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා ආසන සම්මේලන මාලාව අද දිනයේ ද පැවැත්වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල්තැන දෙමින් එය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.
දිවයිනේ දිස්ත්‍රික්ක දහඅටක තෝරාගත් ආසන හැට එකකදී ආසන සම්මේලන පැවැත්වෙනවා. මෙම සම්මේලන පැවැත්වීමට පොදුජන කාන්තා පෙරමුණ පියවර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන පක්ෂ සම්මේලනයට සමගාමීවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වන සංවත්සරය නියමිත දින නොපැවැත්වීමට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළා. ඒ අනුව පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සම්මේලන පැවැත්වීම ද කල් දැමුණා. සෞඛ්‍ය උපදෙස් පරිදි රටතුළ සියලු අංශයන්හි ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත් වෙමින් පවතින බැවින් සෞඛ්‍ය නීති දැඩිව අනුගමනය කරමින් ප්‍රා දේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් හා අධීක්ෂණයට යටත්ව මෙම සම්මේලන පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල, මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ලග්ගල රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නුවරඑළිය, කොත්මලේ, හගුරන්කෙත ඇතුළු ආසන රැසක සම්මේලන ඊයේ දිනයේ පැවැත්වුණා. පත්තිරිප්පුව මැතිවරණ කොට්ඨාසයේ වනිතා සමුළුව මඩකලපුව පෙරියපෝරතිව්හිදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතාගේ සහභාගීත්වයෙන්. වනිතා අංශයේ නායිකා එස්.කාන්තරූපී මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ත්‍රිකුණාමලය සේරුවල ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම කන්තලේදී පැවැත්වුණා. ඒ කපිල අතුකෝරල, මංජුලා දිසානායක සහ ඩයනා ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ගේ සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය කාන්තා බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ සහ ගීතා රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට විවිධ ජනවර්ග නියෝජනය කරමින් කාන්තාවන් රැසක් එක්ව සිටියා.චමීර
