ප්‍රංශ රජය ඉදිරිපත් කර ඇති නව ආරක්ෂක පනතට විරෝධය පළ කරමින් එරට ජනතාව පැරීසියේ වීදිවල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් හා උද්ඝෝෂකයන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද සිදු වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ. උද්ඝෝෂකයන් පවසන්නේ පනත මගින් සිවිල් අයිතිවාසිකම් සීමා වන බවයි. එසේම මාධ්‍ය නිදහස ද නව පනත මගින් ඇහිරෙන බවට උද්ඝෝෂකයන් චෝදනා කරනවා.ජනාධිපති එම්මැනුවෙල් මැක්රන්ගේ අරමුණ වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සිදු වන වෛරී ප්‍රකාශන නව පනත ඔස්සේ සීමා කිරිම බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. ප්‍රංශ පාර්ලිමේන්තුවේදී පනත මුලින් සම්මත වුවද පසුව එය නැවත සංශෝධනය කිරීමට පාලක පක්ෂය කටයුතු කිරීම සමඟ ආතතිකාරී තත්ත්වය ඉහළ ගියා.