රුපියල් හත්කෝටි හැට තුන් ලක්ෂයක වියදමින් අරලගංවිල ඇල්ලේවැව ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.
ඒ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සිදු වන සංවර්ධන කාර්යයන් පිළිබඳ තොරතුරු දැන්.
අරලගංවිල නගරය හා ඇල්ලේවැව ගම්මානය යා කරමින් ඉදිකර ඇති මාර්ගයේ කොටසක් මේ වන තෙක් සංවර්ධනය කර නැහැ.
කිලෝමීටර් තුනක මෙම මාර්ග කොටස සංවර්ධන කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මාස තුනක කාලයක් තුළ සංවර්ධන කටයුතු අවසන් කිරීම ඉලක්කයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
හල්වතුර නව දෙමළ මහා විද්‍යාලයේ රුපියල් මිලියින 135 ක වියදමින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීය නන්දන පත්මකුමාර මහතාගෙන් ප්‍රධානත්වයෙනුයි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ.
ආපදා තත්ත්වය හේතුවෙන් හල්වතුර දෙමළ මහා විද්යානලයේ ප්‍රාථමික අංශය වෙනත් ස්ථානයකට ගෙන ගියද එහි ගොඩනැගිලි පහසුකම් නොමැති වීම හේතුවෙන් සිසුන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටියා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුණේ.
රුපියල් ලක්ෂ 155 ක වියදමින් එප්පාවල කඩිගාව පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අමාත්ය් සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
පසුගියදා ඇති වූ දිට්වා සුළිකුණාටුවත් සමග මෙම පාලමට දැඩි හානි සිද වුණා.
තාවකාලික පාලමක් ඉදිකළ ද ඒ මතින් රථ වාහන ධාවනය සිදු කිරීම අපහසු බැවින් මෙම කටයුතු ආරම්භ කෙරුණා.
වසර ගණනාවක් අතහැර දමා තිබූ දොම්පේ සමනබැද්ද පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු යළි ආරම්භ කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ කර තිබෙන්නේ.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 340 ක් වැය කෙරෙනවා.
ව්‍යාපෘතිය අවසන් කිරීමත් සමග ග්‍රාම සේවා වසම් 10 ක ජනතාවට පානීය ජල පහසුකම් සලසාගත හැකියි.
