රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා ITN. මාධ්‍ය ජාලයේ අධ්‍යාපනික ව්‍යුහය වන MMC ITN Campus සංවිධාන කරන පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාවේ පළමු වැඩමුළුව ඊයේ (17) කුරුණෑගලදී අති සාර්ථකව පැවැත්වුණා.
මෙරට ඉදිරි පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයින් විකාශකයින් ඩිජිටල් නිර්මාණකරුවන් සහ සන්නිවේදන විශේෂඥයින් හැඩගැස්වීම සදහා කැපවන පුරෝගාමී අධ්‍යාපන ආයතනයක් ලෙසයි MMC ITN Campus ආරම්භ කෙරුණේ.
අති නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඩිජිටල් මැදිරි සංකීර්ණ තුළ ප්‍රයෝගික දැනුම ලබාදෙමින් නවීන ලෝකයට ඩිජිටල් සන්නිවේදකයෙකු බිහි කිරීම මෙහි ප්රමුඛ අරමුණක්.
ඉන් නොනැවතී රටේම දරුවන් වෙනුවෙන් මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා ITN. මාධ්‍ය ජාලයේ අධ්‍යාපනික ව්‍යුහය වන එම්එම්සී MMC ITN Campus සංවිධාන කරන පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාවේ පළමු වැඩමුළුව ඊයේ (17) කුරුණෑගලදී අති සාර්ථකව පැවැත්වුණා.
කුරුණෑගල දිස්තික්කයේ පාසල් නියෝජනය කරමින් පාසල් දරුවන් සඳහා වැඩමුළු හා දේශන මෙහිදී පැවැත්වුණා.
කුරුණෑගල දිස්තික් ලේකම් කාර්යාලය හා එහි මාධ්‍ය ඒකකය මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කළා.
ITN මාධ්‍ය ජාලය නියෝජනය කරන නිලධාරීන් මෙම වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබා දෙනවා.