මේ වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,228 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කරනවා .
මේ රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව සඳහන් .
දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත්, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙත්, සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙත්, වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා .
ඩෙංගු රෝගීන්ගෙන් සියයට 80ක් පමණ වාර්තාවී ඇත්තේ, කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් .
දිට්වා සුළිකුණාටු තත්ත්වයත් සමඟ මෙරට තුළ ඇති වූ අධික වර්ෂාපතනයත්, ඉන් අනතුරුව විටින් විට ලැබුණු වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා .
මේ අතර අද (05) දිනයේදී තවත් ඩෙංගු මරණයක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් ඒ සමඟින් මේ වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කරනවා .
