පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරි මාස 2ක තුළ තම ගුවන් ගමන් 1,100ක් අවලංගු කරන බව නවසීලන්ත ජාතික ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් පවසා ඇත්තේ, තම ගුවන් ගමන්වලින් 5%ක් පමණ මෙලෙස අවලංගු කිරීමට සිදුවන බවත්, එමගින් Air New Zealand ගුවන් මගීන් 44,000කට පමණ බලපෑම් එල්ලවන බවයි.
ඉන්ධන මිල ඉහළ යෑමත් සමග පසුගිය අඟහරුවාදා සිට නවසීලන්ත ජාතික ගුවන් සේවය සියලුම ගමනාන්තවල ටිකට්පත් මිල ගණන්ද ඉහළ දමා තිබෙනවා.

