බලශක්ති ක්ෂේත්රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය පූර්ණ වශයෙන් මැදිහත්වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී මැදපෙරදිග අර්බුදය මැද ශ්රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
එහිදී වත්මන් තත්ත්වයන් හමුවේ “සුබදායී දේ අපේක්ෂා කරමින් නරකම දේටත් ආණ්ඩුව සූදානම් වන බවයි” ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
වසර 47 කින් වැඩි දියුණු නොකළ පිරිපහදු ධාරිතාව සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
