ජනතා බදු මුදල් සංවර්ධන කටයුතු සඳහා නිසියාකාරයෙන් යොදවෙන්නේ වත්මන් රජය යටතේ බව පාර්ලිමේන්තු මන්ත්රි චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසනවා.
බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හිරිගල්ගොඩැල්ල අක්කර 45 ගම්මානයට පිවිසෙන ප්රධාන මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළකළේ .
මාර්ගය සංවර්ධනය සඳහා වැය කළ මුදල් රුපියල් ලක්ෂ 20ක්.
මාර්ගයේ මීටර් 120ක දුරක් කොන්ක්රීට් අතුරා සංවර්ධනය කෙරුණා.