ආපදා තත්ත්වයකදී නිසි ක්‍රියාමාර්ග ගෙන ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිලිවෙලට සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බව මහා සංඝරත්නය පවසනවා.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණා.
පෑලියගොඩ රෝහණ විහාරයේදී විහාරාධිපති ගම්පහ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඌරාපොල ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි එය පැවැත්වුණේ.