අවි කිහිපයක් සමඟ අත්තනගල්ල ප්‍රදේශයේ ගොවිපොළක සිටි උතුරේ තරුණයන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළා. නිට්ටඹුව, අත්තනගල්ල නිව් අන්තෝනිස් ගොවිපොලේ කම්කරුවන් ලෙස පෙනී සිටි මෙම තරුණයන් වව්නියාව හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඔවුන් සතුව තිබූ විශාල ප්‍රමාණයේ කඩු දෙකක්, කුඩා ප්‍රමාණයේ කඩු දෙකක්, කිණිසි දෙකක් අත්අඩංගුවට ගත්තා.