කෝවිඩ් වසංගතය පාලනය කිරීමට එවකට බ්‍රිතාන්‍ය බලධාරීන් අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නවතම විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.
කෝවිඩ් වසංගතය පාලනය කිරීමට එවකට බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය නිසි කාලයේදී ප්‍රමාණවත් තරම් මැදිහත්වීමක් සිදු කර නොමැති බවයි ඒ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ.
රජයේ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් මරණ දහස් ගණනක් සිදුව ඇති බව අදාළ විමර්ශන වාර්තාව හෙළි කරනවා.
එමෙන්ම සමාජ දුරස්ථභාවය හා රෝග ලක්ෂණ සහිත වූවන් සමාජයෙන් වෙන්ව සිටියේ නම් රට වසා දැමීමේ සම්භාවිතාව ද අවම කර ගැනීමට තිබූ බවයි වාර්තා දැක් වෙන්නේ.
රට වසා දැමීමට තීරණය කිරීම ප්‍රමාද වූ අතර, එය ක්‍රියාත්මක කිරීමට තවදුරටත් කල්මැරීම හේතුවෙන් මරණ 23,000 කට අධික සංඛ්‍යාවක් සිදු වූ බව අදාළ වාර්තාවේ සඳහන් වනවා.
එම වාර්තාව හරහා බ්‍රිතාන්‍ය රජයේ කෝවිඩ් ක්‍රියාමාර්ග දැඩිව විවේචනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
