විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගැනීමට මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් සමත් වුණා.
මෙවර විශ්ව රූ රැජින තරගාවලිය අපකීර්තිමත් සිද්ධි කිහිපයකින් සමන්විත වූ තරගාවලියක් ලෙස හැදින්විය හැකියි.
තරගයට එක් වූ 25 හැවිරිදි ෆාතිමා බොෂ්ට මෙම මස මුල් භාගයේදී තරග සංවිධායකවරුන් ප්රසිද්ධියේ බැන වැදීම හේතුවෙන් ඇය දැඩි අපහසුතාවට පත් වූ ආකාරය දක්නට ලැබුණා.
ඇයට සහාය දුන් සියලු දෙනා තරගය සඳහා නුසුදුස්සන් බවට පත් කරන බවයි සංවිධායකවරුන් කියා සිටියේ.
එමෙන්ම පසුව තරගයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ද ඉන් ඉල්ලා අස්වුණා.
කෙසේ වුවද අවසානයේ විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගැනීමට මෙක්සිකෝව නියෝජනය කරමින් තරගයට සහභාගී වූ ෆාතිමා බොෂ් සමත් වුණා.
