අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වනවා.
උසස් පෙළ විභාගය හෙට (10) සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මධ්‍යස්ථාන 2,362 කදී මෙවර විභාගය පැවැත්වෙනවා.
විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 340,525ක්.
විභාගය පැවැත්වෙන කාලසීමාවේදී ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සදහා මුහුණදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධස්ථානය සඳහන් කරනවා.
