ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය අමීර්ඛාන් මුත්තාකි ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.
වසා දමා ඇති කාබුල්හි ඉන්දිය තානාපති කාර්යාලය යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසනවා.
ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
දෙරට අතර ආර්ථික, දේශපාලන සහයෝගීතාව වර්ධනය කර ගනිමින් මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම එම සංචාරයේදී සිදුවනවා.
ඉන්දීය ව්‍යාපෘති ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
