ඇමෙරිකානු උද්ඝෝෂකයින් හා පොලීසිය අතර ගැටුම් උග්‍රවීමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂිත බංකරයකට යොමුකර ඇති බව ධවල මන්දිර ආරංචි සඳහන් කරනවා.
ධවල මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයින්ගේ ක්‍රියාකාරකම් වැඩිවීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ඔහුගේ බිරිඳ සහ දරුවා ද ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව සඳහන්. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු ජෝර්ජ් ප්ලොයිඩ් නම් කලු ජාතිකයා අමානුෂික ලෙස ඝාතනය කිරීමට විරුද්ධවයි ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ. මිය ගිය කලු ජාතිකයාට මෙතෙක් යුක්තිය ඉටුවී නොමැති බවට ඔවුන් චෝදනා කරනවා. විරෝධතා ව්‍යාපාර මේ වනවිට භීෂණකාරී ගැටුම් දක්වා වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පොලීසියට අයත් රථවාහන හා කඩසාප්පු ගිනි තැබීම, ගල් මුල් ප්‍රහාර හා ගැටිබැට හුවමාරුකර ගැනීම් ද මෙහිදී දක්නට ලැබෙනවා. නිව්යෝර්ක්, චිකාගෝ, පිලඩෙල්ෆියා හා ලොස් ඇන්ජලීස් යන නගරවලයි ගැටුම් උග්‍රවී ඇත්තේ. විරෝධතා ව්‍යාපාර පාලනය කිරීමට මේ වන විටත් නගර 40 කට පමණ ඇදිරිනීතිය පනවා තිබුණ ද උද්ඝෝෂකයින් වීථිවල සැරිසරන ආකාරය දක්නට ලැබෙනවා. මේ අතර මෙම උද්ඝෝෂණවලට සහාය පළකරමින් බ්‍රිතාන්‍ය, නවසීලන්තය ඇතුළු රටවල් රැසක කළු ජාතිකයින් සාමකාමීව විරෝධතාවයේ යෙදෙන ආකාරය විදෙස් වාර්තාකර සිටියා.