68 වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වීමට සඳහා ඇමතිනී සරෝජා පෝල්රාජ් අද (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව මෙවර බාබඩෝස් පාර්ලිමේන්තුවේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ බාබඩෝස් ශාඛාවේ සත්කාරකත්වයෙන් අද දින සිට 12 දින දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ගෝලීය පාර්ලිමේන්තු සහ දේශපාලනික ගැටළු සාකච්ඡා කිරීමේ අරමුණිනුයි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් මෙය වාර්ෂිකව සංවිධාන කරනු ලබන්නේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර, ඒ සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා සංසඳය නියෝජනය කරමින් එහි සභාපති ලෙස කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා මහතා, නීතීඥ සාගරිකා අතාවුද මහතමිය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසද සහභාගී වීමට නියමිතයි.
විවිධ අනු සමුළු රාශියක් සහ වැඩමුළු සැසි ගණනාවකින් මෙම සමුළුව සමන්විතයි.
