අමෙරිකාවේ පවත්වන ‘එමී සම්මාන උළෙලේ‘ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට ඕවන් කූපර් පත්ව තිබෙනවා.
මෙම සම්මානය ඔහුට හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහා යි.
ඒ Outstanding Supporting Actor In A Limited Series or Movie’ යන කාණ්ඩය යටතේයි.
ඕවන් කූපර් මේ වන විට 15 හැවිරිදි වියේ පසුවනවා.
මේ අතර එමී සම්මාන උළෙලේදී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොඳම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත්ව සිටිනවා.
මෙවර එමී සම්මාන උළෙල පැවත්වුණේ 77 වන වරටයි.
