කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් , ශ්‍රී ලංකාව සතු දූපතක් බව විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
ඉන්දියාවට කච්චතිව් දූපත පවරා දීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව හෝ රාජතාන්ත්‍රිකව කිසිදු තීරණක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
