fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අනිද්දා අන්තර්ජාලයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2020 09:39

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අනිද්දා (17) අන්තර්ජාලයට එක්කරන බව රජය ප‍්‍රකාශ කළා.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ්අඩවිය මගින් තොරතුරු ලබාගත හැකියි. තෝරාගත් උපාධිධාරීන්ට පත්වීම් ලිපි ඉදිරියේදී ලබාදීමටයි නියමිත. සියලු පත්වීම්ලාභීන් සැප්තැම්බර් දෙවනදා තමන්ට ආසන්නතම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළයුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ද ඊට සමගාමීව සිදුකෙරෙනවා. ඒ අඩු ආදායම්ලාභී පුද්ගලයින් රැකියාගත කිරීම සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2020 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්