දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වෙන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම මෙන්ම එමගින් ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා .
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රමුඛ රදගුරුවරුන් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජුලි 07 දින කොළඹ අගරදගුරු නිල නිවසේදී පවත්වා තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා .
සියලුම දරුවන්ට උසස් යැයි සම්මත රැකියාවල නිරත වීමට අවස්ථාව නොලැබෙන අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්රය, වාහන අලුත් වැඩියාව වැනි ක්ෂේත්රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා .
මෙහිදී ගුරු පුරප්පාඩු පියවා ගැනීමේ දී විෂය ප්‍රවීණයින් තෝරා ගැනීමේ වැදගත්කමත්, එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමක්, හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා සහභාගී වී තිබෙනවා .
