අගෝස්තු පළමුවනදා සිට රටවල් 14කට පනවන තීරුබදු ගැන ජනපති ට්රම්ප් නිවේදනය කර තිබෙනවා.
රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අගෝස්තු 01වැනිදා සිට තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසක්ස්තානය, දකුණු අප්රිකාව, ලාඕසය, මියන්මාරය ඇතුළු රටවල් 14කට පැනවූ නව තීරු බදු අනුපාත පිළිබඳවයි මෙසේ නිවේදනය කර ඇත්තේ.
ඒ අනුව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පැනවීමට නියමිතයි.
දකුණු අප්රිකානු සහ බොස්නියානු භාණ්ඩ සඳහා 30%ක් ද, ඉන්දුනීසියාව සඳහා 32%ක බද්දක් ද අය කෙරෙනවා.
බංග්ලාදේශය සහ සර්බියාව යන රටවල් දෙකට 35%ක් ද, කාම්බෝජය සහ තායිලන්තය සඳහා 36%ක් ද ලෙසයි තීරු බදු පනවා ඇත්තේ.
එමෙන්ම ලාඕසයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 40%ක බද්දක් අය කිරීමට නියමිතයි.
