fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසුන්ට අන්තවාදී දේශන පැවැත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:09

සිසුන්ට අන්තවාදී දේශන පැවැත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන්ට අන්තවාදී දේශන පැවැත්වූ දෙදෙනකු ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශාරීරික අභ්‍යාසවලට අකමැති වූ සිසුන්ට මොවුන් පහරදීම්ද සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

නැගෙනහිර පළාතේ සිසුන්ට අන්තවාදී ඉගැන්වීම් සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින්. 39 හැවිරිදි සහ 30 හැවිරිදි මෙම සැකකරුවන් සිය දේශන සදහා වීඩියෝ පටද යොදා ගෙන තිබෙනවා. විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන සිය සමාජිකයින් බදවා ගැනීමේදී පවත්වනු ලබන දේශනවල කරුණු ඇතුළත් තැටිද මේ සදහා උපයෝගී කර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම්ද මේ ආකාරයටම විවිධ පුද්ගලයින් ලවා අන්තවාදී මූලධර්මවාදය ඇති කිරීමට පන්ති පවත්වා තිබෙනවා. මෙම පුද්ගලයින් දෙදෙනාද සහරාන්ගේ ආධාරකරුවන් බවයි වාර්තා වන්නේ. මීට දින කිහිපයකට පෙර මුතූර් ප්‍රදේශයේදීද මෙවැනි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්