කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි කටයුතු සොයා බැලුවා.
ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් ඊයේ (09) එක්වුණා.
එහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලු අමාත්‍යවරයා මේ වසර ඇතුළත දී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ කඩිනමින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිමකිරීමේ අවශ්‍යතාව මතුකර සිටියා.
2014 සිට 2022 වසර දක්වා කිසිදු ඉදිකිරීමක් සිදුනොකළ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2022 සිට ඉබිගමනේ සිදු වූ බවත් වත්මන් රජය බලයට පත්වූ පසු ව්‍යාපෘතියේ සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් එය තවදුරටත් වේගවත් කළ යුතු බවත් පැවසූ ඇමතිවරයා නැගෙනහිර පර්යන්නය වරාය සේවකයින් විසින් දිනාගත් සම්පතක් බවත් කියා සිටියා.
එය කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ශවයකට ලබානොදෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ යටතේ වඩාත් කාර්යක්ෂම සහ නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.