අලි මිනිස් ගැටුම විසඳීමට මෙවර අයවැයෙන් වැඩි මුදලක් – පරිසර ඇමති
අලි ඇතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය පෙනී සිටින බවත්, අලි මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවර අයවැයෙන් පසුගිය වසරවලට වඩා වැඩමුදලක් වෙන්කර ඇති බවත් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද (21) පාර්ලිමේන්තුවේදි පැවසුවා.
පසුගිය වසරේ වනඅලි සංගණනයට අනුව වන අලි 385ක් මියගොස් ඇතැයිද අමාත්‍යවරයා අනාවරණය කළා.
අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව පැවසුවා.
අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස විදුලිවැට ඉදිකිරීම, අලිවෙඩි ,මුරපොළවල් ඉදිකිරීම, අලි මංකඩ හඳුනාගෙන අලින්ට සංක්‍රමණ අවස්ථා හඳුන්වා දීම, වාසස්ථාන හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ගවලට අමතරව විවිධ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා විවිධ පර්යේෂණ සිදුකරන බවද මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසුවා.