fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා ඡන්දෙටත් නව ක්‍රමවේදයක් අවශ්‍යයි – ඇමති දුමින්ද

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 13:11

පළාත් සභා ඡන්දෙටත් නව ක්‍රමවේදයක් අවශ්‍යයි  – ඇමති දුමින්ද

නව ක්‍රමවේදයක් යටතේ පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බවඅමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජාංගනය ප්‍රදේශයේ  පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රාජාංගනය වම් ඉවුර සහ දකුණු ඉවුර ව්‍යාපෘතිවල කඩිනමින් සිදු කළ යුතු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරිමේ හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදි ගත් තීරණවලට අනුව වැව් ප්‍රතිසංස්කරණය, මාර්ග අලුත්වැඩියාව ඇතුළු ව්‍යාපෘති කිහිපයක්  ආරම්භ කෙරුණේ ජනතා සහභාගිත්වය ද ඇතුවයි. මේ පිළිබඳ සියලු දෙනාගේ අදහස් ලබාගැනීම සදහා ජංගම සේවයක් ඉදිරියේ දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙන බවයි අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්