රුසියානු හමුදාවට එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කරනවා .
ඒ බව අද (07) පාර්ලිමේන්තුවේදීයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා සිටියේ .
රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින අතර ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බව අනාවරණය කර තිබෙනවා . .
එමෙන්ම විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවයි .
