දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම දූෂණ විරෝධී පනතට අනුව නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් කොමිසමට සැලකිය යුතු නෛතික අර්ථ නිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ඒ අනුව දූෂණ විරෝධී පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් ඇතුළත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝජනා කර ඇත.

