එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (06) සිදුව තිබෙනවා.
එම හමුවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ නියෝජිතයන්ද සහභාගී වූ බව ඇමෙරිකානු තානාපති කාර්යයලය සඳහන් කරනවා.
එහිදී ශ්‍රී ලංකා නව රජයට සුභ පැතූ බවත් දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කළ බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.
මෙරට ජනතාවට ප්රතිලාභ සැලසෙන පරිදි ආර්ථික සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවට එක්ව වැඩකළ හැකි ක්රමයන් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවද තානාපති කාර්යාලය සඳහන් කරනවා.
