මෙම වසරේ ඔක්තෝබර් මස අවසානය වන විට සංචාරකයින් දාසය ලක්ෂ විසිදහස් හත්සිය පහලොස් දෙනෙකු මෙරටටපැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.
ඊට අනුව වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනුයි.
මෙම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේ වන අතර එම ප්‍රමාණය දෙලක්ෂ දහඅට දහස් තුන්සිය පනහක්.
2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 102.08%ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඔක්තෝබර් මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්පන්දහස් නවසිය හතක්.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 24.5%ක සංචාරක පැමිණීමක් වාර්තා වී තිබෙනවා.
ජනවාරි සිට ඔක්තෝබර් අවසානය දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය තුන්ලක්ෂ විසිදෙදහස් නවසිය හැත්තෑ තුනක්.
එක්සත් රාජධානිය,රුසියාව ,ජර්මනිය සහ චීනය යන රටවල්වලිනුයි ඉන්දියාවට පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ.
2023 වසරට සාපේක්ව මෙම වසරේ සංචාරක ක්ෂේත්රය තුළ විශාල පිබිදීමක් දැකගත හැකි වනවා.
එමෙන්ම ජනවාරි සිට මේ දක්වා සංචාරක පැමිණීම තුළින් මෙරටට බිලියන 2.5 ක මුදල් ප්‍රමාණයක් ඉපැයීමට හැකියාව ලැබුණු බව මහබැංකුව පසුගියදා නිවේදනය කළා.