නීතියට පටහැනි ලෙස රාජ්යතාන්ත්රික බලපත්රයක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව ජනවාරි 28 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.
ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේ එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මූලික විරෝධතා මතුකළා.
මෙම නඩුවට සමාන නඩුවක් වෙනත් අධිකරණය ගොනුකර ඇති බැවින් එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරිය නොහැකි බවයි එම විරෝධතාවෙන් පෙන්වා දී තිබුණේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා සදහන් කළේ මෙම නඩුව වෙනත් කරුණක් පදනම් කර ගෙන ගොනුකර ඇති බවයි.
එහෙයින් එය විභාග කිරීමට අධිකරණයට බලය ඇති බව ද ඔහු කියා සිටියා. ඒ අනුව මූලික විරෝධතා ප්රතික්ෂේප කළ අධිකරණය මෙම නඩුව ජනවාරි 28 වනදා විභාගයට ගැනීමට නියෝග කළා.
