ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස තුෂාර ලොකුකුමාර මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කර තිබෙනවා.
ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මෙයට පෙර නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරයටද පත්නවුණා.
ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්යක්ෂවරයා ලෙස එම ආයතනයේ පරිපාලන කටයුතු පිලිබද මනා දැනුමක් ඇති ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්.