පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.
අබුඩාබි හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 149 ක් රැස් කිරීමට සමත්වුණා.
විශ්මි ගුණරත්න ලකුණු 45ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24ක් රැස් කළ අතර නායිකා චමරි අතපත්තු ලකුණු 21ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 137ක් පමණයි.
ඊෂා ඕෂා ලකුණු 66ක් රැස් කළ අතර චමරි අතපත්තු ලකුණු 28ට කඩුළු 02ක් බිද හෙළුවා.
ඒ අනුව ලකුණු 15ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට හෙට පිවිසෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිවයි.