සොලමන් දූපත්හි නව අගමැතිවරයා ලෙස චීන හිතවාදියෙකු පත් කර තිබෙනවා.
එරට නීති සම්පාදකයින් චීන හිතවාදී ජෙරමියා මැනේල් අගමැතිවරයා ලෙස තෝරාගත්තේ 31-18ක් ලෙස වැඩි ඡන්දයෙන්.
ඔහු හිටපු අගමැති මනස්සේ සොගවාරේගේට පසු අගමැති ධුරයේ කටයුතු කරනු ඇති.
මැනේල් 2019 වසරේ දී සොලමන් දුපත්හි විදේශ ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
රහසිගත ආරක්ෂක ගිවිසුම ඇතුළුව චීනය සමඟ සබඳතා දිගටම පැවැත්වීම තම අපේක්ෂාව බව මැනේල් සඳහන් කර තිබෙනවා.
මේ අතර නව නායකයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අසල්වැසි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනිස් පවසා තිබෙනවා.