පින්නවල නව එළිමහන් සත්ත්වෝද්‍යානය ආරම්භ කර වසර 9ක් සම්පුර්ණ වුණා.
ඒ වෙනුවෙන් උත්සවයක් එම සත්ත්වෝද්‍යානයේ දී පැවැත්වුණා.
පින්නවල නව එළිමහන් සත්ත්වෝද්‍යානය ආරම්භ කෙරුණේ 2015 මාර්තු 17වනදායි. එය සමරමින් චාම් උත්සවයක් පැවැත්වුණේ එම සත්ත්වෝද්‍යානයේ සහකාර අධ්යක්ෂ මිහිරන් මැදවල මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
පින්නවල එළිමහන් සත්ත්වෝද්‍යානය සතුන් වර්ග 40කින් සමන්විතයි.
මේ වසරේ මුල් මාස තුන තුළ සංචාරකයන් 52809 දෙනෙකු එය නරඹා තිබෙනවා.
ඉන් රුපියල් හාරකෝටි අසූඅටලක්ෂ පනස් එක්දහස් හයසිය අනු ඒකක ආදායමක් උපයාගෙන ඇති බවයි උද්‍යානයේ සහකාර අධ්යක්ෂවරයා සදහන් කළේ.