මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ඊයේ රාත්රියේ පැන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථවේ දී වහාම ක්රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි.
ඊයේ රාත්රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්රීට් වැට උඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය දැක ඇයව අල්ලාගැනීමට තරුණයින් පිරිසක් ඈ වෙත දිවයද්දී එකවර ඇය පාලමෙන් පැන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත්, එලෙස පැන්න තරුණිය වැටී ඇත්තේ පාලම යට පිහිටි ගොඩබිම් ප්රදේශයකට බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම තරුණිය පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථන පාලම මත තිබිය දී මහියංගනය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අනතුරුව පොලීසිය එලෙස සොයාගත් ජංගම දුරකථනයෙන් ඇයගේ දෙමව්පියන්ට ඇමතුමක් දී සිදු වූ සිද්ධිය පිළිබඳව දැනුම්දී තිබෙනවා.
මෙලෙස පාලම මතින් පැන ඇත්තේ මිණිපේ 31 ඇළ ප්රදේශයේ පදිංචිව සිටි තරුණියක්.
කෙසේවෙතත්, රෝහල වෙත ඇතුළත් කළ එම තරුණියගේ එක් අතකට හානි සිදුවී තිබෙනවා.