බේරුවල ප්‍රදේශයේ විදුහලක ලැප්ටොප් පරිගණක 12ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විද්‍යාලයේ සුහුරු පන්තිකාමරය කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක 12ක් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව එම විදුහලේ සිසුන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සිසුන් දෙදෙනා ලබන වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බවයි පැවසෙන්නේ.
පානදුර හා පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයින් 3 දෙනෙකු සම්බන්ධ කරගනිමින් මෙම පරිගණක පැහැර ගැනීම සිදුකර ඇති බව විමර්ශනවලදි හෙළිවුණා.
එම ලැප්ටොප් පරිගණක 12 පාදුක්ක ප්‍රදේශයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක සගවා තිබියදී සොයා ගැනුනා.
සැකකරුවන්ට එරහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.