ගාසා ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර මහා පරිමාණයෙන් ලබාදීමට කටයුතු කළ යුතු බව ජර්මන් චාන්සලර්වරයා පවසනවා.
ගාසා තීරයට ගොඩබිමින් දැනට ලබාදෙන මානුෂීය අදාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සඳහන් කරන්නේ.
මුහුදු මාර්ගයෙන් ගාසා තීරයට පළමු මානුෂීය ආධාර තොගය ඊයේ ලබාදුන්නා.
ඊට සහල්,තෙල් වර්ග සහ රට ඉදි ඇතුළත්.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඇමෙරිකාව එක්ව ගාසා තීරයට ගුවනින් මානුෂීය අධාර ලබාදීම ද මේ වනවිට ක්‍රියාත්මකයි.
රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය කිසිසේතම අනුමත කළ නොහැකි බවයි ජර්මන් චාන්සලර්වරයා පවසන්නේ.
ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කීපයක් පැවැත්වීම සඳහා ජර්මන් චාන්සලර්වරයා ඉදිරි සතියේදී මැදපෙරදිග විශේෂ සංචාරයක නිරතවීමට ද නියමිතයි.
