122 අවිස්සාවේල්ල පිටකොටුව මාර්ගයේ බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.
හෝමාගම ඩිපෝ අධිකාරීවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්රදේශයේදී පහර දීමක් සිදු කර තිබෙනවා.
සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
ඊට ප්රතිචාර වශයෙනුයි බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත්ව ඇත්තේ.
