ඊයේ පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමේදී ගැටලුවක් මතුවී තිබෙනවා.
ඒ, ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී.
මෙහිදී, දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී ඔවුන්ගේ ගණක යන්ත්‍ර ශාලාධිපතිනිය විසින් ලබාගෙන තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙනඒමයි.
කෙසේවෙතත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ ආසන්න කාලයකට පසු ශාලාධිපතිනිය විසින් යළිත් වරක් ගණක යන්ත්‍ර විභාග අපේක්ෂකයින්ට ලබාදී ඇත.
එහෙත් දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරන්නේ, ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගතවී ඇතත් පිළිතුරු ලිවීම සඳහා අමතර කාලයක් ශාලාධිපතිනිය විසින් ලබාදී නොමැති බවයි.
ඒ හේතුවෙන් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවු බවයි දෙමාපියන් පවසන්නේ.
