සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන
6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 106%කින් වැඩි වී තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති
ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
