ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට සැළසුම් කර ඇති බව ආසියා සංවර්ධන බැංකුව පවසනවා.
ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ ටකෆුමි කඩෝනෝ පවසනවා. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ ඉදිරි වසර 4 සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 4කට අධික මුදලක් සැළසුම් කර ඇති බවයි.
ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ මීළග වාරිකය ලැබුණු පසු අදාළ අරමුදල ලබාදෙන බවද ආසියා සංවර්ධන බැංකු නියෝජිතයා පවසා තිබෙනවා.