යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයා ගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.
අනතුර සිදුව තිබුණේ බලහරුව, කුඩාඔය ගලා බසින අලුත්වෙල පාලම මතින් ගමන් කිරීමට යාමේ දී.
මිය ගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩබිම් සුපරීක්ෂකවරයෙක් වන අතර සිද්ධිය සිදු වූ ස්ථානයට නුදුරින් තිබී මළ සිරුර සොයාගෙන තිබෙනවා.