සෙවණගල සහ මීරිගම යන ප්රදේශවල දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඉන්, සෙවනගල කිරිඉබ්බන්ආර ප්රදේශයේ දී පහර දී ඝාතනය කර ඇති බවට සැක කරන පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, මීරිගම – මාකුර ප්රදේශයේ නිවසක දී 64 හැවිරිදි කාන්තාවක් මුගුරකින් පහර දී ඝාතනය කර තිබුණා.
පොලීසිය පවසන්නේ, සිය දියණිය ගේ සැමියා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔහු විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර, සැකකරු මේ වන විට ප්රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
