7 හැවිරිදි පාසල් දැරියකට ලිංගික අපයෝජන කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 40 පුද්ගලයෙක්.
ඔහු මෙම දැරිය හා තවත් පාසල් දරුවන් කිහිප දෙනෙකු ත්‍රී රෝද රථයෙන් පාසලකට රැගෙන යන බවත්,ඒ අතරතුරේ දී ත්‍රී රෝද රථ රියදුරු විසින් මෙකී දැරිය ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බව පොද්දල පොලීසිය පවසනවා.
ත්‍රී රෝද රථ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
