fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා රාජ්‍ය ලේකම්ට විරෝධතාකරුවන්ගෙන් බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 16:07

ඇමෙරිකා රාජ්‍ය ලේකම්ට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සෙනෙට් මණ්ඩලයේ අදහස් ප්‍රකාශ කරමින් සිටියදී විරෝධතාකරුවන් පිරිසක් ඔහුට බාධා කර තිබෙනවා.

රාජ්‍ය ආරක්ෂක වියදම් සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම්වරයා හා ආරක්ෂක ලේකම්වරයා සෙනට් මණ්ඩලය ඉදිරියේ කරුණු දක්වමින් සිටියදී රැස්ව සිටි පිරිසක් ඔවුන්ට විරෝධය පළ කර තිබෙනවා.

සටන්විරාමයක් ප්‍රකාශයට පත්කරන ලෙසයි විරෝධතාකරුවන් එහිදී සඳහන්කර ඇත්තේ.

විරෝධතාකරුවන් හේතුවෙන්  සෙනට් මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වීම අවස්ථා කිහිපයකදීම අත්හිටුවීමට සිදුවූ බවද සඳහන්.

පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඇමෙරිකා ඩොලර් බිලියන 106ක මුදලක් ආරක්ෂක වියදම් ලෙස ලබාදෙන ලෙස ධවල මන්දිරය භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙනවා.

ඊශ්‍රායලයට ලබාදීම සඳහා යුද ආධාර ලෙස ඇමෙරිකා ඩොලර් බිලියන 14.3ක මුදලක් ද ඊට ඇතුළත්.

 

 

***විදුර/14.13/ගිහාන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්