හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් මීගමුව පොලිස් වසමේ ඒත්තුකාල හා කුරණ ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 620ක්,හෙරොයින් ග්රෑම් 06 මිලිග්රෑම් 100ක් සහ හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 38 හා 49 යන වයස්වල පසුවන මීගමුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.