fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 15:20

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමිනි.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 76කි.

පන්දු වාර 16යි පන්දු තුනක් අවසානයේ කඩුලු හතරක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

හර්ශිතා සමරවික්‍රම ලකුණු 23 ක් හා නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් හිමිකර ගත්තාය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 15:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්