fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට සූදානමින් සිටියත් ගොවීන් වී ලබා දෙන්නේ නැහැ – ඇමති අමරවීර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2023 09:43

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට සූදානමින් සිටියත් ගොවීන් වී ලබා දෙන්නේ නැහැ – ඇමති අමරවීර

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා සූදානමින් සිටියද ගොවීන් එම මණ්ඩලයට වී ලබා දෙන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම උපදේශක කාරක සභා රැස්වීමේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

වී මිලදී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ 8%ක පොළියක් යටතේයි.

වී අලෙවි මණ්ඩලය ණය පදනම යටතේ ලබා ගත් මුදල් වී අලෙවි කිරීමෙන් පසු ගෙවිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

එම මණ්ඩලය පසුගිය වසර කිහිපයක් පුරා රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන විසිහතර දහසක මුදලක් ගෙවීමට තිබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේ වුවද දිස්ත්‍රික් දහයක ගබඩා 39 ක් මුල්කර ගනිමින් වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

එහෙත් පවතින වියළි කාලගුණයත් සමඟ ගොවීන් වී මිල ඉහළ යා හැකි බවට සැක කරමින් වී අලෙවි මණ්ඩලයට වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම මේ අයුරින් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට වී නොලැබීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගබඩා හයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2023 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්