පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 5ක් යනතුරු රජයේ නිලතල දැරීම තහනම් බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා.
රාජ්‍ය ත්‍යාග විකිණීමෙන් ලැබුණු මුදල් පිළිබඳ තොරතුරු වැරදි ලෙස ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 3 ක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය කටයුතු කළා.
හැත්තෑ හැවිරිදි ඉම්රාන්ඛාන් 2018 වසරේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අතර එරට හමුදාවේ මැදිහත්වීම මත ඔහු බලයෙන් පහ කෙරුණා.
කෙසේ වෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව ඉම්රාන්ඛාන් ප්‍රකාශ කළද එරට මැතිවරණ කොමිසමේ නිවේදනයත් සමඟ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද නෙරපා හරිනු ඇති.
