කොලොන්නාව සිංහපුර ගොතටුව ප්රධාන මාර්ගය අසල රැදී සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා.
වැල්ලම්පිටිය පොලිස් වසමේ අයිඩීඑච් පාර කොලොන්නාව ප්රදේශයේ මාර්ගය අසල මෙම පුද්ගලයා රැදී සිට ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩිතබා තිබෙනවා. යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් පලාගොස් ඇති අතර වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

